බිඳ වැටුණු ආර්ථිකයෙන් ගොඩ ඒම සදහා ජාත්‍යන්තර සහාය ලබා දීමට මූලකත්වය ලබා දුන්නේ කාන්තාවන් තිදෙනෙකු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අද පෙරවරුවේ පැවති ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළා. “ඇය දැයේ අභිමානයයි” යන්න තේමා කර ගත් ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය අද පෙරවරුවේදී බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදි ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂභාවය, සමාජ භාවය, සමානාත්මතාවය තහවුරු කිරීම සදහාත් ඒ තුළින් කාන්තාවන් සවිබල ගැන්වීම සදහාත් ප්‍රථම වරට සැකසු ජාතික කාන්තා ප්‍රඥ්ඥප්තිය ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා.

එමෙන්ම ශ්‍රී ලාංකික කාන්තාවන් දිරිගැන්වීම සදහා දිස්ත්‍රික් මට්ටමින් හොඳම ව්‍යවසායකයින් 25 දෙනෙකුද ඇගයීමට ලක් කෙරුණා.

මේ එහිදි අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා.

https://www.vnews.lk/storage/2023/03/RANIL-EDIT.mp3?_=1

මේ එහිදි කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය දැක්වූ අදහස්.

https://www.vnews.lk/storage/2023/03/GEETHA-KUMARASINGHA-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content