Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සමරිසි පුද්ගලයින්ට විවාහ වීමේ අයිතිය ලබා දෙන පනතක් තායිලන්ත පාර්ලිමේන්තුව මගින් සම්මත කර තිබෙනවා.

සුළුතර ලිංගික ප්‍රජාව මුහුණදෙන ගැටළු සම්බන්ධයෙන් ආසියාවේ වඩාත්ම ලිබරල් සමාජ අතර තායිලන්තය කැපී පෙනෙනවා.

මේ අනුව සමවිවාහ පිළිගත් පළමු අග්නිදිග ආසියානු රටවන්නේ තායිලන්තයයි.

පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය පනතට පක්ෂව ඡන්ද 400ක් ලබා දුන් අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 10ක් පමණයි.

මෙම පනත බලාත්මක වුවහොත් තායිලන්තය සමරිසි විවාහ නීතිගත කළ තුන්වන ආසියානු රට වනු ඇති.

කෙසේ වෙතත් පනතට සෙනෙට් සභාවේ අනුමැතිය අවශ්‍ය වන අතර එය නීතියක් බවට පත්වීමට නම් තායිලන්ත රජුගේ අනුමැතිය ද අවශ්‍ය වනවා.

WhatsApp Group

Skip to content