අප්‍රිකානු චීටා සත්වයින් ඉන්දියාවට හඳුන්වා දීමේ ගිවිසුමකට දකුණු අප්‍රිකාව අත්සන් කර තිබෙනවා.

චීටාවන් 12 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම ලබන මාසයේදී යැවීමට නියමිත බවයි දකුණු අප්‍රිකානු පරිසර දෙපාර්තමේන්තුව පවසන්නේ.

ආරක්ෂිත චීටා ගහනයක් ඇති කිරීමට උපකාර කිරීම සඳහා ඉදිරි වසර අටේ සිට 10 දක්වා වාර්ෂිකව සමාන සතුන් සංඛ්‍යාවක් ඉන්දියාවට යැවෙනු ඇති.

1940 ගණන්වල අගභාගයේදී ආසියාතික චීටාවන් ඉන්දියාවෙන් වඳ වී ගියේ අධික ලෙස දඩයම් කිරීම සහ වාසස්ථාන අහිමි වීම හේතුවෙන්.

2020 දී ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් උප විශේෂයක් වන අප්‍රිකානු චීටාවන් පර්යේෂණාත්මක පදනමක් මත ප්‍රවේශමෙන් තෝරාගත් ස්ථානයකට රට තුළට ගෙන ආ හැකි බවට තීන්දුවක් ලබා දුන්නා.

WhatsApp Group

Skip to content