ශ්‍රී ලංකාව දියර කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදවලින් ස්වයංපෝෂිත කිරීම සඳහා ඉන්දියානු රජයේ සහය ලබාදීමට එකඟතාවය පළ කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මෙරට ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ ඇතුළු නියෝජිත පිරිසක් ඊයේ ජනාධිපති කාර්යාලයේ දී හමු වූ අතර, එහි දී ඊට එකඟතාවය පළ කර ඇති බව යි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඒ අනුව ඉන්දියාවේ ජාතික කිරි සංවර්ධන මණ්ඩලය සහ එරට කිරි සමාගමක් එක්ව මෙරට දියර කිරි නිෂ්පාදනයට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමටයි තීරණය කර තිබෙන්නේ.

WhatsApp Group

Skip to content