බදුල්ල, කෑගල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල සහ පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශ, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය සහ මාතර දිස්ත්‍රික්කයේ කොටපොල සහ පස්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවලට මෙම නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව නිවේදනයේ සඳහන්.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ජනතාවට දැනුම් දෙන්නේ අවදානයෙන් පසුවන ලෙසයි.

ජල උල්පත් බොරවීම අවහිර වීම හෝ නැතිවීම, ගොඩනැගිලිවල ගෙබිම හා බිත්තිවල ඇති වන පිපිරීම්, පොළොවේ ඇති වන ඉරි තැලීම් ගැඹුරට හෑරුණු පැලුම් සහ පොළොවේ ගිලා බැසීම් තත්තවයන් ගැන නිතර අවදානයෙන් පසුවන ලෙස ඔවුන් වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම අද උදෑසන තද වැසි ඇතිවීමට හේතුව පහළ වායුගෝලයේ සුළං රටාවේ වෙනස්වීම බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්නතුව පවසනවා.

කෙසේ වෙතත් එලෙස උදෑසන වැසි හටගැනීම තාවකාලික තත්ත්වයක් බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කළේ. එමෙන්ම දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණය ලබන 08 වනදා දක්වා අපේක්ෂා කරන බව ඔහු කියා සිටියා.

WhatsApp Group

Skip to content