නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහල් 4 කට වැඩි නව ගොඩනැගිලි ඉදිකිරීම ඊයේ සිට සීමා කර තිබෙනවා.

එය නියාමනය කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් කාර්යසාධන බලකායක් ද ස්ථාපිත කර ඇති බවයි නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ.

නාගරික සංවර්ධන අධිකාරි පනතේ විධිවිධාන අනුව රෙගුලාසි පැනවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමෙන් පසු මෙම තීරණය ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content