පාකිස්තානයේ සිදු වූ පිපිරීම් දෙකක් හේතුවෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පාකිස්තානයේ ත්‍රස්ත මර්ධන මධ්‍යස්ථානයේ මෙම පිපිරීම් සිදුව ඇති අතර, එහිදී පුද්ගලයන් 50 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් වන්නේ.

මෙම පිපිරීමට හේතුව ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බවත්, ත්‍රස්ත මර්ධන මධ්‍යස්ථානයේ තිබූ පුපුරණ ද්‍රව්‍ය ගිනි ගැනීමෙන් පසුව මෙම පිපිරීම සිදුව ඇති බවත් එරට ආරක්ෂක අංශ ප්‍රකාශ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content