පාර්ලිමේන්තුව අද සිට දින 4ක් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කර තිබෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සභාවේදී අදාළ තීරණය ගත් බවයි පාර්ලිමේතුවේ මහලේකම් දම්මික දසනායක මහතා සදහන් කළේ.

මේ අනුව අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, පෙරවරු 9.30 සිට පස්වරු 5 දක්වා ශ්‍රී ලංකා තේ මණ්ඩල පනත යටතේ ගැසට් පත්‍ර 4ක පළකළ නියෝග හතරක් සහ සමාගම් පනත යටතේ ගැසට් පත්‍රයක පළකළ නියෝගය විවාද කිරීමේන අනතුරුව අනුමතිය ලබා ගැනීමට නියමිතව තිබෙනවා.

අනතුරුව පස්වරු 5 සිට පස්වරු 5.30 දක්වා රජය ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව අනුව විවාදය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content