අමෙරිකාවේ ජාතික ආරක්ෂක දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය සමග සාකච්ඡා කිරීම චීන රජය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඇමෙරිකාව විසින් පසුගියදා සැක කටයුතු චීන බැලුනයක් වෙඩි තබා බිම හෙලනු ලැබුවා.

ඉන් අනතුරුව පෙන්ටගනයේ ප්‍රධානී ලියොයිඩ් ඔස්ටින්  සාකච්ඡාවක් සඳහා කළ ඉල්ලීම චීන ආරක්ෂක අමාත්‍ය වෙයි ෆෙන්ග් විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර, වෙඩි තබා බිම හෙලූ චීන බැලුනයේ සුන්බුන් යාත්‍රාවක් මගින් ඇදගෙන යන ඡායාරූප මේ වනවිට අමෙරිකානු හමුදාව විසින් සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රකාශයට පත් කර තිබෙනවා.

සැබවින්ම මෙම බැලුනය ඔත්තු බැලීමේ උපාංගයක් දැයි තහවුරු කර ගැනීම සඳහා අමෙරිකාව මේ වනවිට පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content