පළාත් පාලන මැතිවරණයේ මුද්‍රණ කටයුතු සදහා රුපියල් මිලියන 200ක මුදලක් ඇස්තමේන්තු කර තිබෙනවා.

අප කළ විමසීමකදී රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය මේ බව ප්‍රකාශ කළා.

දිස්ත්‍රික් දොළහක් සදහා පළාත් පාලන ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට සැලසුම් කර ඇති බව ද මුද්‍රණාලාධිපතිනිය සදහන් කළා.

ඇය වැඩිදුරටත් පැවසුවේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇතුලු මුද්‍රණ කටයුතු සදහා අවශ්‍ය කඩදාසි මුද්‍රණාලය සතුව පවතින බවයි.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම සදහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කර ගැනීමේ කිසිදු ගැටලුවක් නොමැති බව මැතිවරණ කොමිසම පවසනවා.

පසුගියදා මාධ්‍යවේදීයෙකු යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මේ බව ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/02/SAMAN-SRI-RATHANAYAKA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content