යුපුන් අබේකෝන්, සැවෝනා ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 ධාවන ඉසව්වේ දෙවැනිස්ථානය දිනා ගෙන තිබෙනවා.

එහි පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ මූලික වටයේදී යුපුන් අබේකෝන් දෙවැනි ස්ථානය දිනා ගත්තේ තත්ත්පර 10 යි දශම 0 යි 4 ක කාලයක් සටහන් කරමින්. ඒ අනුව ඔහු අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවා.

මෙම තරගාවලිය ඉතාලියේ සැවෝනාහිදී පැවැත්වුන අතර අවසන් තරගයේදී ද යුපුන් අබේකෝන් දෙවැනිස්ථානය දිනා ගැනීමට සමත් වුණා.

ඔහු එහිදී දැක් වූ දක්ෂතාවය සටහන් වූයේ, තත්ත්පර 10 යි දශම 0 යි 1 ක් ලෙසයි.

ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගත්තේ, තත්ත්පර 9 යි දශම 9 යි 4 ක කාලයකින් තරගය අවසන් කළ එංගලන්තයේ රීස් ප්‍රෙස්කොඩ් විසින්.

WhatsApp Group

Skip to content