ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපිට මේ වන විට උද්ඝෝෂණයක් පැවැත්වෙනවා.

ඒ විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහිව විරෝධය පළ කරමින්. ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා සඳහන් කළේ විදුලි බිල ඉහල දැමීම හේතුවෙන් ජනතාව තවදුරටත් පිඩාවට පත් වන බවයි.

එමෙන්ම මේ මාසයේ සිට පිරිවැය මත විදුලි ගාස්තු ක්‍රියාත්මක කිරීමට ඊයේ කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

විදුලි කර්මාන්තය සඳහා වන පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ 2023 ජනවාරි සිට ක්‍රියාත්මක කිරීමට නියමිත පිරිවැය පරාවර්තක විදුලි ගාස්තු ක්‍රියාත්මක කිරීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි.

ඉහළ ප්‍රතිශතයකින් විදුලි බිල ඉහළ නැංවීම සඳහා වන යෝජනාව කාංචන විජේසේකර අමාත්‍යවරයා විසින් පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුනා.

මේ අතර විදුලි බිල ඉහළ නැංවීමට එරෙහි හැට නව ලක්ෂයක මහජන පෙත්සමක් අත්සන් කෙරුණු අතර එහි පළමු අදියරේ අත්සන් ලේඛන විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමය විසින් ඊයේ මහජන උපයෝගීතා කොමිසම වෙත භාර දුන්නා.

මේ සම්බන්ධයෙන් අද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අදහස් පල කලා.

https://www.vnews.lk/storage/2023/01/BANDULA-GUNAWARDHNA-EDIT-01-1.mp3?_=1

එමෙන්ම අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කලේ විදුලි කප්පාදුවකින් තොරව විදුලිය අඛණ්ඩව ලබා දෙන ලෙස ජනාධිපතිවරයා දැනුම් දුන් බවයි .

https://www.vnews.lk/storage/2023/01/BANDULA-GUNAWARDHNA-EDIT-02.mp3?_=2

WhatsApp Group

Skip to content