ගෑස් මිල සම්බන්ධයෙන් ලාෆ් ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කර තිබේනවා.
ගෝලීය වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ ගියද තම ගෑස් නිෂ්පාදනවල මිල වැඩි නොකරන බව එහි වැඩිදුරටත් දැක්වේනවා .

මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් සමාගම සිය මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 100කින් පහත දමා තිබෙනවා.
එහි නව මිල රුපියල් 3,638ක්.
මේ අතර කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 40කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,462ක් වනවා .
කිලෝගෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 19 කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 681ක් .

WhatsApp Group

Skip to content