2023 වසරේ ලොව සංචාරය කිරීමට හොඳම රටවල් 24 අතර ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

ශ්‍රී ලංකාවට මෙම ස්ථනය හිමිව ඇත්තේ ස්වභාවික සම්පත්වල සුන්දරත්වය හේතුවෙන්.

Travel Triangle නම් සංචාරක වෙබ් අඩවිය සඳහන් කරන්නේ මෙම දූපතේ සුන්දරත්වය හා භෞතික විවිධත්වය ගැන සංචාරකයින් මවිත වන බවයි.

රන්වන් වෙරළ, වන සතුගෙන් පොහොසත් වනාන්තර පද්ධතිය, මනස්කාන්ත තේ වතු සහ මීදුමෙන් වැසී ගිය කදු පන්ති මෙන්ම අනෙකුත් සංචාරක ආකර්ෂණය දිනා ගන්නා ස්ථාන පිළිබඳ නවතම වාර්තාවෙන් කරුණු දක්වා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සිව්වන උසම කඳු මුදුන වන ශ්‍රී පාද කඳු මුදුණේ සිට දැකගත හැකි දර්ශනය ලොව අන් කවර ස්ථානයකදී දැක ගත නොහැකි බවයි එහි සටහන් කර ඇත්තේ.

ශරීර යෝග්‍යතාවය අනුව පැය 5-6 ඇතුළත මෙම ලෝක උරුම අඩවියට පියනැගිය හැකි බවට දන්වමින් Travel Triangle වෙබ් අඩවිය සංචාරකයන්ට ඇරයුම් කර සිටිනවා.

ජීවිතය යළි පණ ගන්වා ගැනීමට නැගෙනහිර වෙරළ තීරයේ සංචාරය කරන ලෙසයි එම වෙබ් අඩවිය ජාත්‍යනතර ප්‍රජාවට දන්වා සිටින්නේ.

WhatsApp Group

Skip to content