ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක ඇතිවී ඇති ආර්ථික අර්බුද හේතුවෙන් එම රටවල් දුප්පත්කම ඉහළ ගොස් ඇති බව ලෝක බැංකුව පවසනවා.

ලෝක බැංකුව විසින් නිකුත්කරන ලද ”ග්ලෝබල් ඉකොනමික් ප්‍රොස්පෙක්ට් 2023” නම් වාර්තාවෙ ඒ බව සඳහන් කර තිබෙනවා.

දුප්පත්කම හේතුවෙන් බොහෝ පවුල් පෝෂ්‍යදායි ආහාර සඳහා කරන වියදම් අඩුකර ඇති බව ද එහි සදහන්.

එම වාර්තාවෙහි දැක්වෙන්නේ 2022 වසරේදී ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය 9.2%කින් පමණ පහළ යා හැකි බවයි .

ලෝක බැංකුව විසින් නිකුත්කරන ලද එම වාර්තාවේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවට විදෙස් විනිමය ගලාඒම දුර්වල වීම හේතුවෙන් ඉන්ධන සහ ආහාර ද්‍රව්‍ය ආනයනයට බාධා පැමිණුනු බවයි .

මේ හේතුවෙන් බාහිර ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට සිදුවූ බවත් එහි දැක්වෙනවා .

WhatsApp Group

Skip to content