ලංකා විදුලිබල මණ්ඩලය හා එක්ව විදුලි ගාස්තු වැඩි කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත කර ඇති නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

විදුලි පාරිභෝගික සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය ඇතු`ඵ පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවා.

එහි වගඋත්තරකරුවන් ලෙස ලංකා විදුලිබල මණ්ඩලය, විදුලිබල අමාත්‍යවරයා, මහජන උපයෝගිතා කොමිසම, නීතිපතිවරයා ඇතු`ඵ පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටියේ විදුලි ගාස්තු වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇති අතර ලංකා විදුලිබල මණ්ඩලය සමඟ මෙම කටයුතු සිදු කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමට නියම කර ඇති බවයි.

මහජන උපයෝගිතා කොමිසම මේ අනුව ස්වාධීන කොමිසමක් යැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් මෙවැනි නියෝග නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩලයට බලයක් නොමැති බවටයි පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව විදුලි ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම වෙත නිකුත් කර තිබෙන නියෝග සියල්ල බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් අදාළ පෙත්සමේ ඉල්ලා තිබෙනවා.

මේ අතර විදුලි බිල ඉහළ දැමීමකින් තොරව ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බවයි විදුලිබල අමාත්‍යවරයා කැබිනට් යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාවේදී පෙන්වා දී ඇත්තේ.

මේ ඒ පිළිබඳව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් පල කළ කැබිනට් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා.

https://www.vnews.lk/storage/2023/01/BANDULA-GUNAWRDHNA-EDIT-03-1.mp3?_=1

WhatsApp Group

Skip to content