රැකියා සදහා විදෙස් ගතවන වයස අවුරුදු 45 ට අඩු කාන්තාවන් වාර්තාවක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා .

මෙලෙස ඉදිරිපත් කල යුතු වන්නේ තම දරුවන්ගේ රැකවරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් වන වාර්තාවක් .

වයස අවුරුදු 2ට අඩු දරුවන් සිටින මව්වරුන්ට රැකියා සඳහා විදේශ ගතවීමට අවසර ලබා නොදෙන බව ද එම කාර්යාංශය තීරණය කර තිබෙනවා .

ඒ අනුව වයස අවුරුදු 2ට වැඩි දරුවන්ගේ භාරකාරීත්වය, අධ්‍යාපනය හා රැකවරණ වැඩපිළිවෙළ සම්බන්ධ තොරතුරු අදාළ වාර්තාව මගින් ඉදිරිපත් කළ යුතු බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

දරුවන්ගේ රැකවරණය පිළිබඳව මූලිකවම අවධානය යොමුකරමින් නීත්‍යානුකූල අයුරින් විදේශ ගතවන ලෙසයි එම කාර්යාංශය කාන්තාවන්ට දැනුම් දෙන්නේ .

WhatsApp Group

Skip to content