Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

අනුරාධපුර එළිමහන් බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් දෙදෙනෙකු පළා ගොස් තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා පැවසුවේ එළිමහන් සිරකඳවුරේ ආපන ශාලාවේ සේවය කළ රැඳවියන් දෙදෙනකු දහවල් මෙලෙස පළාගොස් ඇති බවයි.

ඉන් එක් අයෙකු අනුරාධපුර ශ්‍රාවස්තිපුර පදිංචිකරුවෙකු වන අතර අනෙක් රැඳවියා කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්.
මෙලෙස පලාගොස් ඇත්තේ මාස 02ක සිරදඬුවමක් සහ මාස 6ක සිරදඬුවමක් නියමව තිබූ සිරකරුවන් දෙදෙනෙකු බවයි වාර්තාවන්නේ.

පළාගිය රැඳවියන් අත්අඩංගුවට ගැනීම සඳහා බන්ධනාගාර නිලධාරීන් සහ පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content