Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

උතුරු කොරියාවට පනවා ඇති සම්බාධක නිරීක්ෂණය කිරීම සම්බන්ධයෙන් ජගත් සංවිධානය ගෙන ආ යෝජනාව රුසියාව නිශේධ බලය භාවිතා කර ප්‍රතික්ෂේප කර තිබෙනවා.

උතුරු කොරියාවට එරෙහිව ජගත් සංවිධානය විසින් 2006 වසරේ සිට සම්බාදක පනවා තිබුනා.

එම සම්බාධක හරියාකාරව ක්‍රියාත්මක වන්නේ ද යන්න සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් හරහා අධීක්ෂණය කෙරෙනවා.

එම කමිටුවේ බලය අප්‍රේල් 30 වනදායින් අවසන් වීමට නියමිතයි.
ඒ අනුව එය දීර්ඝ කිරීම සඳහා ජගත් සංවිධානය ගෙන ආ යෝජනාවයි රුසියාව මෙලෙස ප්‍රතික්ෂේප කර ඇත්තේ.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි හා බැලැස්ටික් මිසයිල වැඩසටහන් ඉලක්ක කර ගනිමින් ජගත් සංවිධානය එරටට සම්බාධක පනවා තිබෙනවා.

WhatsApp Group

Skip to content