සූර්ය පැනල සඳහා වන වරාය සහ ගුවන් සේවා බද්ද ඉවත් කර තිබෙනවා.

මෙම මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම බද්ද ඉවත් කළ බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ.

බලශක්ති සහ විදුලි අර්බුදයට විසඳුමක් ලෙස පුනර්ජනනීය විදුලිබල ජනනය ඉහළ නැවීම සඳහා මෙම පියවර ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content