පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් පාසල් සිසුන් අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අධික උෂ්ණත්වය පවතින දිනවලදී නිවාසාන්තර ක්‍රීඩා තරග පුහුණු පැවැත්වීමෙන් වළකින ලෙසයි සෞඛ්‍ය අමාත්‍යංශය එමගින් දැනුම් දී ඇත්තේ.

එමෙන්ම නිවාසාන්තර ක්‍රීඩා තරග පුහුණුවීම් සිදු කරන අවස්ථාවන්වලදී වෙහෙස නිවා ගැනීමට කෙටි විවේකයක් ලබා දිය යුතු බවද අදාළ මාර්ගෝපදේශයන් හි සදහන් වනවා.

සෑම විනාඩි 15කටම වරක් ළමුන් ජලය පානය කිරීම වැදගත් බවද අදාළ මාර්ගෝපාදේශයන් හි වැඩි දුරටත් සදහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content