හම්බන්තොට සුචි ගම්මානයේ දී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ රාත්‍රී 09ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.
වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 38 හැවිරිදි හම්බන්තොට, සිරිබෝපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි අනාවරණය වී ඇත්තේ.
වෙඩි තැබීමට හේතුවෙ මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

 

WhatsApp Group

Skip to content