Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය හේනේපොල ගුණරතන නාහිමියන්ගේ ජාතික, ආගමික මෙහෙවර අගය කරමින් විශේෂ උපහාර මුද්දරයක් නිකුත් කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරුණා.

දශක ගණනාවක් පුරා ඇමරිකාවේ වැඩ වාසය කරමින් බටහිර රටවල බුදු දහම ප්‍රචලිත කිරීමට හා භාවනා ක්‍රම පිලිබඳ උපදෙස් ලබා දෙමින් දෙස් විදෙස් කීර්තියට පත් වෙමින් සුවිශේෂී ගෞරවාචාරයට පත් වූ අති පුජ්‍ය හේනේපොල ගුණරතන නායක ස්වාමීන් වහන්සේගේ ආගමික ශාසනික මෙහෙවර අගය කිරීම උදෙසා උන්වහන්සේගේ චරිතාපදාන ග්‍රන්ථය එළි දැක්වීමටයි මෙහෙදී කටයුතු කෙරුණේ.

හෝමාගම එන්.එස්.බී.එම් හරිත සරසවි ශ්‍රවණාගාරයේදි මුද්දරය සහ මුල්දින කවරය නිකුත් කිරීම සහ මහා සංඝරත්නය ඇතුළු ආරාධිත අමුත්තන් වෙත පිළිගැන්වීම අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් සිදු කළා.

කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රී සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නා හිමිපාණන් වහන්සේ,බම්බලපිටියේ සිරි වජිරාරාමාධිපති, අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ මහානායක ශාස්ත්‍රපති තිරිකුණාමලේ ආනන්ද මහා නා හිමිපාණන් වහන්සේ, නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා, හිටපු කතානායක කරු ජයසුරිය මහතා, ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

WhatsApp Group

Skip to content