Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පැය 24ක සංකේතාත්මක වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට අද පෙරවරුවේ සිට සෞඛ්‍ය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා .

ඒ රජයේ නව බදු ප්‍රතිපත්තිය හකුලා ගැනීම ඇතුළු ඉල්ලීම් 9ක් මුල් කරගනිමින් .

තම ගැටළු සදහා මෙතෙක් විසදුම් නොලැබීම හේතුවෙන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට එළඹෙන බවයි සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා සදහන් කලේ .

https://www.vnews.lk/storage/2023/03/RAVI-KUMUDEESH-EDIT-1-1.mp3?_=1

එමෙන්ම හෙට දිනයේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

එම සම්මේලනයේ සභාපති ශ්‍යාම් බන්නැහැක මහතා මේ බව කියා සිටියේ ඊයේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.

මේ අතර වැඩවර්ජන සිදු කර රට අකර්මන්‍ය කිරීම පිළිගත නොහැකි බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කලේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් .

වර්ජන ක්‍රියාත්මක කරනු ලබන පිරිස් රටේ වත්මන් තත්වය පිළිබදවද අවධානය යොමු කල යුතු බවද ඔහු සදහන් කළා .

https://www.vnews.lk/storage/2023/03/SAMAN-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content