මධ්‍යම කඳුකරය පුරා ඊයේ පස්වරු කාලයේ සිට ඇදහැලුනු අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරය යළිත් ජලයෙන් යටවී තිබෙනවා. 

නගරය හරහා ගලා යන පිගා ඔය සහ වහගල ඔය පිටාර ගැලීම හේතුවෙන් මහනුවර – යාපනය ඒ 9 මාර්ගය සහ අකුරණ – දුනුවිල මාර්ගය එලෙස යටවී ඇති බව සඳහන්.

අකුරණ නගරය දින 10 ක් ඇතුලත දෙවන වරටත් මෙලෙස ජලයෙන් යටවී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. 

අකුරණ නගරය වසර 25 කට අධික කාලයක් පුරා වසරකට කිහිපවරක් මෙලෙස ජලයෙන් යටවන අතර ඒ සෑම අවස්ථාවකදීම එම නගරයේ ව්‍යාපාරිකයින්ට දැඩි අලාභහානි සිදුව තිබෙනවා.

WhatsApp Group

Skip to content