2022 – 2023 වසර සඳහා ශ්‍රී පාද වන්දනා වාරය අදට යෙදුන උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කළ බව ශ්‍රී පාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති සබරගමුව රත්නපුර මහ දිසාවේ ප්‍රධාන

සංඝ නායක පූජ්‍ය බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න හිමියන් පවසනවා.

පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ සිට රත්නපුරය අවිස්සාවේල්ල හැටන් මාර්ගය, බලංගොඩ බගවන්තලාව මාර්ගය, රත්නපුරය පලාබද්දල සහ රජ මාවත ඔස්සේ ද වැඩම කරවූ සධාතුක කරඩුව වැඩම කරවනු ලැබුවා.

එලෙස චාරිත්‍රානුකූලව වැඩම කරවූ ධාතුන් වහන්සේ සහ සමන් දේව ප්‍රතිමාව, දේවආභරණ ශ්‍රී පාද උඩමලුවේ තැන්පත් කිරීමෙන් පසු අද දින සිට ශ්‍රී පාද වන්දනාව මෙලෙස ආරම්භ කර ඇති බවයි පූජ්‍ය බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න හිමියන් වැඩිදුරටත් කියා සිටියේ.

https://www.vnews.lk/storage/2022/12/BENGAMUWE-HIMI.mp3?_=1

WhatsApp Group

Skip to content