ශ්‍රී ලංකාව සහ වාණිජ ණය හිමියන් අතර ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත් නොවන බව එහි ආසියානු පැසිෆික් කලාප අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා සිරිනිවාසන් ප්‍රකාශ කළා.

මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස ඊයේ පස්වරුවේ කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ.

සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාස වන විට ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ සාකච්ඡා අවසන් වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් කලාප අධ්‍යක්ෂවරයා මෙහිදී කියා සිටියා.

මිට අමතරව දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිස ඊයේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

මේ එහිදී සාකච්චා කල කරුණු පිලිබදව අදහස් පල කරන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා .

WhatsApp Group

Skip to content