ඉතාලියේ මත්ද්‍රව්‍ය ජාවාරම්, කප්පම් ගැනීම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ ප්‍රබල මාෆියා කණ්ඩායමක සාමාජිකයන් 61 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මාෆියා කණ්ඩායමට එරෙහිව මෙතෙක් ඉතාලිය තුල සිදු කර ඇති විශාලතම මෙහෙයුම මෙය වන අතර, ඊට පොලිස් නිලධාරීන් 500ක් සම්බන්ධ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වල සදහන් වන්නේ.

මේ අතර මෙම කණ්ඩායම විසින් 2019 ඔක්තෝම්බර් සිට 2022 ජනවාරි අතර කාලය තුළ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 25,000කට ආසන්න ප්‍රමාණයක් ජාවාරම් කර ඇති බවද එම මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content