ඉන්ධන කෝටාව ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමා තිබෙනවා

ඒ අනුව යතුරුපැදියක් සඳහා සතියකට දැනට නිකුත් කරන පෙට්‍රල් ලීටර 7 ලීටර 14 ක් දක්වා ඉහළ දමා තිබෙනවා .

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ මගී ප්‍රවාහනය සඳහා ලියාපදිංචි ත්‍රීරෝද රථයකට සතියකට හිමිවන ඉන්ධන ලීටර 15, ලීටර 22 ක් දක්වා ද ඉහළ දැමූ බවයි.

වෙනත් ත්‍රීවිල් සඳහා පැවැති ලීටර 8 ක කෝටාව ලීටර 14 ක් දක්වා ද, කාර් රථයක් සඳහා පැවැති ඉන්ධන ලීටර 30 ක කෝටාව ලීටර 40 ක් දක්වා ද, ඉහළ දැමූ බව ද අමාත්‍යවරයා පැවසුවා.

බස් රථ සඳහා මෙතෙක් පැවැති ඉන්ධන ලීටර 60 ක ප්‍රමාණය ලීටර 125 ක් දක්වා ද, ලොරි රථ සඳහා පැවැති ඉන්ධන ලීටර 75 ක ප්‍රමාණය ලීටර 125 ක් දක්වා ද, ඉහළ දැමූ බවත් සෙසු වාහනවල ද ඉන්ධන කෝටාව ඉහළ දමා තිබෙනවා.

WhatsApp Group

Skip to content