මිසයිල අත්හදා බැලීම හේතුවෙන් රටවල් කිහිපයක් උතුරු කොරියාවට එරෙහිව නව සම්බාධක පනවා තිබෙනවා.

මෙලෙස උතුරු කොරියාවට නව සම්බාධක පනවා ඇත්තේ ජපානය, දකුණු කොරියාව සහ එක්සත් ජනපදයි.

පසුගිය නොවැම්බර් මාසයේ උතුරු කොරියාව තම විශාලතම අන්තර් මහද්වීපික මිසයිලය අත්හදා බැලුවා.

මේ හේතුවෙන් එක්සත් ජනපදය පවසන්නේ උතුරු කොරියාවේ මෙම ක්‍රියාව කලාපයටම සහ ලෝකටයම බරපතල අවදානමක් ඇති කර තිබෙන බවයි.

උතුරු කොරියාවට විදෙස් ආදායම් ලැබෙන සෑම ක්‍රියාමාර්ගයක්ම අවහිර කිරීම මෙම සම්බාධක පැනවීමෙන් බලාපොරොත්තු වෙනවා.

WhatsApp Group

Skip to content