සභාවේ කාලය කළමනාකරණය සම්බන්ධයෙන් ගැටළු රැසක් මතුව ඇති බව ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කළා.
ඒ අද පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදීයි.

https://www.vnews.lk/storage/2022/12/PARLIAMNET.wav?_=1

මෙම තත්වයන් හමුවේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ට බරපතල අසාධාරණයක් සිදුවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

https://www.vnews.lk/storage/2022/12/PARLIAMNET_MIX.wav?_=2

ඊට කතානායකවරයා කරුණු දක්වන අවස්ථාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රතිචාර දැක්වීමත් සමග සංවාදයක් හට ගත්තා.

https://www.vnews.lk/storage/2022/12/PARLIAMNET_PRASANNA.wav?_=3

අද – කාරක සභා අවස්ථා විවාදයේ 9 වන දිනයයි.
පරිසර වනජීවී හා වන සංරක්ෂණ සංචාරක හා ඉඩම් අමාත්‍යාංශ මෙන්ම ජාතික වනෝද්‍යාන, ඉඩම් කොමසාරිස්, ඉඩම් හිමිකම් නිරවුල් කිරීම ඇතුලු දෙපාර්තමේන්තු 7 ක වැය ශීර්ෂ විවාදයට ගනු ලබනවා.

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විවාදයේදී කරුණු දැක්වීමත් සමඟ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන්ගෙන් ඊට බාධා එල්ලවුණා.

https://www.vnews.lk/storage/2022/12/PARLIAMNET_SF.wav?_=4

එහිදී හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා, සරත් ෆොන්සේකා මහතා විවේචනය කිරීමත් සමඟ පාර්ලිමේන්තුවේ ඇති වුණේ උණුසුම් තත්ත්වයක්.

https://www.vnews.lk/storage/2022/12/PARLIAMNET_SATANA.wav?_=5

WhatsApp Group

Skip to content