චීනයට එරෙහිව, සෙනට් මණ්ඩලයෙන් අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාට ලිපියක් යොමු කර තිබෙනවා .

අමෙරිකාවේ ප්‍රධාන විපක්ෂය වන රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන සෙනට් සභිකයින් පිරිසක් විසින් එරට රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් වෙත එම ලිපියක් යොමු කර තිබෙන බව සදහන් .

ඒ, චීනයේ අත්තනෝමතික ක්‍රියාකාරකම්වලට එරෙහිව නැගී සිටින ලෙස ඉල්ලමින්.

චීනය තුළ සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චීන රජය වගකිව යුතු බව එහි දක්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අදාළ ලිපියේ දක්වා තිබෙන්නේ චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂය , මානව හිමිකම් පිළිබඳ බරපතල වැරදි සිදු කර ඇති බවයි. .

චීනය මේවනවිටත් ඉන්දු පැසිෆික් කලාපයෙන් සහ ඉන් ඔබ්බට සිය ආක්‍රමණය දැඩි කර ඇති බව යි අමරිකානු සෙනට් සභිකයින් පිරිස රාජ්‍ය ලේකම්වරයා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ .

WhatsApp Group

Skip to content