ගුවන් තොටුපල කවුන්සිලයේ ජාත්‍යන්තර ලැයිස්තුවට අනුව ඉන්දියාවේ දිල්ලි ගුවන් තොටුපළ ලොව කාර්යබහුලම ගුවන් තොටුපලවල් අතර 09 වන් ස්ථානයට පැමිණ තිබෙනවා.

එම ලැයිස්තුවට අනුව 2022 වසරේදී දිල්ලි ගුවන් තොටුපලෙන් මිලියන 5.94 කට වඩා වැඩි මගීන් පිරිසක් සිය ගමනාගමන කටයුතු සඳහා භාවිත කර ඇති බවයි පැවසෙන්නේ.

එම ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවට අනුව දිල්ලි ගුවන් තොටුපළ 2021 දී 13 වන ස්ථානයේ පසුවුණා.2019 වසරේදී දිල්ලි ගුවන් තොටුපලට හිමිවුණේ එම ලැයිස්තුවේ 17 වන ස්ථානයයි.

දකුණු හා අග්නිදිග ආසියාව නියෝජනය කරමින් ගුවන් තොටුපල කවුන්සිලයේ ජාත්‍යන්තර ලැයිස්තුවේ පළමු ස්ථාන 10 ට  ඇතුළත්ව ඇති එකම ගුවන් තොටුපල ද දිල්ලි ගුවන් තොටුපල වනවා.

එම ලැයිස්තුවට අනුව 2022 වසරේ ලෝකයේ කාර්යබහුලම ගුවන් තොටුපළ 10 අතරින් පෙරමුණට පැමිණ තිබෙන්නේ අමෙරිකාවේ  ඇට්ලන්ටා ජාත්‍යන්තර ගුවන්තොටුපළයි.

WhatsApp Group

Skip to content