තමන් ආණ්ඩුවෙ නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඇතැම් පිරිස් ඉවත් යාම පක්ෂයට අභියෝගයක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ තම පක්ෂයේ පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමට පළමු මහනුවර දළදා මාලිගාව වැදපුදා ගැනීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ එම තත්ත්වයන්ට මුහුණදිය යුතු බවත් මැතිවරණ ප්‍රතිඵලය ඇත්තේ ජනතාව අතේ බවත්ය.

කෙසේ වෙතත් මෙවර බැසිල් රාජපක්ෂ මහතා දළඳ මාලිගාව වැද පුදා ගැනීමේ අවස්ථාව එම පක්ෂයේ ප්‍රබල දේශපාලනඥයින් දක්නට නොලැබුණු අතර එම අවස්ථාවට ආණ්ඩුකාරවරුන් දෙදෙනෙක් එක්ව සිටියා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා දළදා මාලිගාව වැදපුදා ගැනීමේ වීඩියෝ දර්ශන පහතින් නරඹන්න.

WhatsApp Group

Skip to content