වැඩි මිලට ආහාර අලෙවි කරන්නන් සොයා හෙට සිට වැටලීම් ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

උත්සව සමය වෙනුවෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි එම අධිකාරිය පැවසුවේ.

එහිදී වැඩි මිලට ආහාර අලෙවි කරන්නන්ට එරෙහිව නඩු පැවරීමට නියමිතයි.

ඒ අනුව වැඩි මිලට ආහාර අලෙවි කරන සහ පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන්නන් සොයා වැටලීම් සිදු කෙරෙණු ඇති.

මෙම වැටලීම ජනවාරි 15 වනදා දක්වා ක්‍රියාත්මක බවයි පාරිභා්ගික කටයුතු අධිකාරිය පැවසුවේ.

WhatsApp Group

Skip to content