එකඟතාව කඩකරමින් විදුලිය කප්පාදු කිරීම් හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා සහ විදුලිබල අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කිරීමට තීරණය කර තිබෙනවා.

මානව හිමිකම් කොමිසම පවසන්නේ ලබාදුන් එකඟතාව කඩ කරමින් ඊයේ දිනයේද ප්‍රදේශ ගණනාවකින් විදුලිය කප්පාදු කර ඇති බවට පැමිණිලි ඉදිරිපත්ව ඇති බවයි.

විදුලිබල මණ්ඩලය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නීතියට ගරු නොකරමින් අත්තනෝමතිකව කටයුතු කරන බවක් නිරීක්ෂණය වී ඇති බවද මානව හිමිකම් කොමිසම පවසනවා.

ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයටද පැමිණිලි කිරීමට සිදුවනු ඇති.

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාවේ විදුලිය කප්පාදුවක් සිදු නොකිරීමට පසුගියදා විදුලි බලමන්ඩලය මානව හිමිකම් කොමිසමේ දී එකඟතාව පල කල බවයි වාර්තා වුයේ.

WhatsApp Group

Skip to content