විශ්‍රාමිකයන්ගේ ජිවිත සහතික ලබා ගැනීම මේ වසර වෙනුවෙන් ලබන 31 වනදා දක්වා සිදු කෙරෙන බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසනවා.

වෙන් වෙන්ව ආකෘති පත්‍ර සම්පුර්ණ කිරීම වෙනුවට ග්‍රාම නිලධාරී මට්ටමින් සියලුදෙනාට එක් ආකෘති පත්‍රයක් ඔස්සේ ජිවිත සහතික තහවුරු කිරීමයි මෙවෙර සිදු වන්නේ.

විශ්‍රාම වැටුප අඛණ්ඩව සහ නිවැරදිව ලබා දීම සදහා විශ්‍රාමිකයන්ගේ පදංචිය මෙන්ම ජීවත්ව සිටින බවට තහවුරු කර ගැනීම සදහා ජිවිත සහතික ලබා ගැනීම සෑම වසරකම සිදු කෙරෙනවා.

ඒ සදහා තමන් අයත් ග්‍රාම නිලධාරී කාර්යාලයට පැමිණ හැදුනුම්පත ඉදිරිපත් කර ජිවිත සහතිකය තහවුරු කිරිමේ ලේඛනයට අත්සන් තැබිය යුතු වනවා.

ඇගිලි සලකුණු ලියාපදිංචි කර ඇති විශ්‍රාමිකයන්ට ඒ ඔස්සේ සිය ජිවිත සහතික ලබාදිය හැකි බවද සඳහන්.

ප්‍රාදේශිය ලේකම් කාර්යාල 26 ක් සහ රාජ්‍ය හා පෞද්ගලික බැංකු 06 ක ශාඛා 476 ක් ඔස්සේ ඒ සදහා පහසුකම් ලබාදී තිබෙනවා.

මේ අතර ඇගිලි සලකුණ මගින් ජිවිත සහතික ලබාදිය හැකි විශ්‍රාමිකයන්ගේ ජංගම දුරකතනයට කෙටි පණිවිඩයකින් ඒ බව දැනුම්දෙනු ඇති.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ඩබ්ලියු ඩබ්ලියු ඩබ්ලියු ඩොට් පෙන්ෂන්ස් ඩොට් ජි ඕ වි ඩොට් එල් කේ වෙබ් අඩවියෙන් මේ පිළිබද වැඩිදුර තොරතුරු ලබා ගත හැකියි.

WhatsApp Group

Skip to content