සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.

දිවා විවේකය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රිඩා කරන නවසීලන්තය කඩුලු දෙකක් දැවී ලකුණු 304ක් ලබා සිටියා.

නොදැවී පන්දුවට පහරදෙන කේන් විලියම්සන් නොදැවී ලකුණු 113ක් රැස් කරගෙන සිටිනවා.

හෙන්රි නිකොලෝස් නොදැවී ලකුණු 72යි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කසුන් රාජිත සහ ධනංජය ද සිල්වා එක් කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගය පැවැත්වෙන්නේ නවසීලන්තයේ වෙලින්ටන්හිදීයි.

WhatsApp Group

Skip to content