ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ සංචාරක කර්මාන්තය දියුණුවීමත් සමඟ ඒ ආශ්‍රිත රැකියා අවස්ථා ඉහළ යාමක් ද සිදුවෙමින් පවතින බව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.
ජම්මු සහ කාශ්මීරයේ ප්‍රධාන ලේකම් අරුන් කුමාර් මේතා විසින් ඉකුත් අප්‍රේල් මාසයේදී නිකුත් කරන ලද ආර්ථික සමීක්ෂණ වාර්තාවට අනුව ජම්මු කාශ්මීරයේ තරුණයින් අතර විරැකියා අනුපාතය සියයට 6.7 සිට සියයට 5.2 දක්වා පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දියාව සභාපතිත්වය දරණ මෙවර G20 සමුළුවේ ඇතැම් රැස්වීම් ජම්මු කාශ්මීරයේ ද පැවැත්වීමට එම ප්‍රාන්තය මේ දක්වා ලඟා කර ගෙන ඇති ජයග්‍රහණ තවත් ඉහල යනු ඇතැයි බලධාරීන් අපේක්ෂා කරනවා.

උපදේශන සහ දැනුවත් කිරීමේ ව්‍යාපාර ඇතුළු ක්‍රමානුකූල මැදිහත්වීම් හරහා රැකියා අපේක්ෂකයින්ට සහ රැකියා සපයන්නන්ට වැඩි පහසුකම් සැලසීම සඳහා ඒකාබද්ධ වේදිකාවක් සැපයීමෙන් තරුණයින් සඳහා සෞඛ්‍ය සම්පන්න සේවා පරිසරයක් ජම්මු කාශ්මීරය තුළ නිර්මාණය වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
G20 සමුළුවට සමගාමී ජාත්‍යන්තර හමු කාශ්මීරයට රැගෙන යාමේ ප්‍රතිපලයක් ලෙස එහි යටිතල පහසුකම් දියුණු කර ඇති අතර අංශ රැසක් ඔස්සේ රැකියා අවස්ථා ප්‍රසාරණය වී ඇතැයි ද සඳහන්

WhatsApp Group

Skip to content