සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තාවයන් සහ සිවිල් කැළඹීම් හේතුවෙන් මියගිය සියලු දෙනා අනුස්මරණය කිරීමට කොළඹ සුදුසු ස්ථානයක ස්මාරකයක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මේ අතර රජයේ නව ව්‍යාපෘති සහ වැඩසටහන්වල ප්‍රගතිය ඇගයීමට ජාතික සංවර්ධන කමිටුවක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබුණා.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ රැස්වීමේදී කැබිනට් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කර සිටියා.

https://www.vnews.lk/storage/2023/05/BANDULA-EDIT-03.mp3?_=1

ආයුර්වේද පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියා.

WhatsApp Group

Skip to content