පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහීම් මහතා මන්ත්‍රී වරප්‍රසාද අවභාවිත කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් චෝදනා කරනවා.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් යොමු කරමින් එම මන්ත්‍රීවරුන් ඉල්ලා සිටියේ අලි සබ්රි මහතාට එරෙහිව සුදුසු පියවරක් ගන්නා ලෙසයි.

නීතිවිරෝධිව රත්‍රන් සහ ජංගම දුරකතන තොගයක් මෙරටට ගෙන ඒමේදී මන්ත්‍රිවරයා රේගු භාරයට ගෙන තිබුණා.

රත්‍රන් කිලෝ 3ක් පමණ සහ ස්මාර්ට් දුරකතන 91ක් මන්ත්‍රීවරයා විසින් නීතිවිරෝධිව මෙරටට රැගෙනවිත් ඇති බවයි මෙහිදී අනාවරණ වුණේ.

පසුව රුපියල් ලක්ෂ 75ක දඩමුදලක් ගෙවීමෙන් පසු අලි සබ්රි රහීම් මහතා මුදාහැර තිබුණා.

මේ අතර මේ සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදීද අදහස් පළවුණා.

එහිදී සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මෙලෙස අදහස් පලකළා.

https://www.vnews.lk/storage/2023/05/SARATH-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content