මරදාන, ආර්නෝල්ඩ් රත්නායක මාවත සහ සුදුවැල්ල හංදිය දක්වා මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කර තිබෙනවා.

පොලිස් මුලස්ථානය නිවේදනය කළේ මාර්ගයේ සිදුකරන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලස එම මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කළ බවයි.

ආර්නෝල් රත්නායක මාවතේ ගිණි නිවන හමුදා මුලස්ථානය දෙස සිට සුදුවැල්ල හන්දිය දෙසට ඇති මාර්ගයේ කොටසක් ගිලා බැසීමට ලක්ව තිබෙනවා.

කොළඹ මහ නගර සභාව විසින් එම මාර්ගය අලුත්වැඩියා කිරීමේ කටයුතු අද පෙරවරුවේ සිට ආරම්භ කර තිබුණා.

මෙම අලුත්වැඩියා කටයුතු අවසන් වන තෙක් හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස කොළඹ රථවාහන පොලිසිය රියදුරන්ට දැනුම්දෙනවා.

 

WhatsApp Group

Skip to content