වවුනියාවේ පිහිටි පෞද්ගලික වී ගබඩාවක සිට පොළොන්නරුව දක්වා ගුල්ලන් ගැසූ වී තොගයක් ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
වවුනියාව දකුණ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පැවසුවේ ගුල්ලන් ගැසූ වී කිලෝග්‍රෑම් 16000 ක් එහි තිබී සොයා ගත් බවයි.
වී තොගය සහල් කිරීම සඳහා රැගෙන ගොස් ඇති බවට අනාවරණ වුනා.
වී තොගය ප්‍රවාහනය කළ ලොරි රථය සමග එහි හිමිකරු අත්අඩංගුවට ගෙනතිබෙනවා.

WhatsApp Group

Skip to content