ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 64 වැනි තරගය ජය ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඒ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ලකුණු 15න් පරාජයට පත්කරමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 2ක් දැවී ලකුණු 213ක් රැද් කළා.

එහිදී රයිලි රොසෝව් නොදැවී පන්දු 37දී ලකුණු 82ක් රැස් කිරීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පන්ජාබ් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 198ක් පමණයි.

පන්ජාබ් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ලියම් ලිවින්ග්ස්ටන් පන්දු 48දී වේගවත් ලකුණු 94ක් රැස් කළා.

WhatsApp Group

Skip to content