ඉන්දියාවේ ජම්මු කාශ්මීරය මේදිනවල ජාත්‍යන්තර සමුළුවකට අනුග්‍රහය දැක්වීම සඳහා සූදානම් වනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ G20 සමුළුවේ ප්‍රධාන උත්සව කිහිපයක් මැයි මාසයේදී කාශ්මීරයේ පැවැත්වෙන බැවින් කාශ්මීර බලධාරීන් ඒ සඳහා සූදානම් වන බවයි.
මැයි මාසයේදී ජම්මු සහ කාශ්මීරයේ පැවැත්වීමට නියමිත G20 සමුළුවේ විශේෂ වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැපයීම එම බලධාරීන්ගේ ප්‍රමුඛ කාර්යයක් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එහිදී තීරණාත්මක සාධකයක් වී ඇත්තේ පැමිණෙන අමුත්තන් සඳහා ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් ලබාදීමයි.
සෞඛ්‍ය හා වෛද්‍ය අධ්‍යාපන ලේකම් භූපේන්දර් කුමාර් එම කටයුතු සඳහා ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන බවයි ඉන්දීය මාධ්‍ය පැවසුවේ.

සිය අරමුණ G20 සමුළුවට සූදානම් වීම පමණක් නොව කලාපයේ සමස්ත සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම බව කාශ්මීරයේ සෞඛ්‍ය බලධාරීන් පවසනවා.
එමෙන්ම G20 සමුළුවට සමගාමී වැඩසටහන් හරහා ජම්මු කාශ්මීරයේ ජන ජීවිතයට ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇති අතර, එම ඉලක්කය සපුරා ගැනීමට කැපවී සිටින බවයි කාශ්මීර බලධාරීන් පෙන්වා දෙන්නේ.

WhatsApp Group

Skip to content